කාන්තාවකට මරු කැඳවූ මාවනැල්ලේ දරුණු අනතුර

ඔක් 25, 2022

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ බස් රථ අනතුරකින් කාන්තාවක මියගොස් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    තුවාල ලැබූවන් මාවනැල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර, 5 දෙනෙකුගේ තත්වය බරපතල බවයි, වාර් තා වන්නේ.

    තවත් 6 දෙනෙකු සුළු සීරීම් සහිතව බාහිර රෝගීන් අංශයෙන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබෙනවා.

    මාවනැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථය, කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. තුවාල ලැබූ අය අතර වැඩි පිරිස ලංගම බස් රථයේ ගමන් ගත් අය වනවා.

    බස් රථ දෙකම මාවනැල්ල පොලිසිය බාරයට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News