බණ්ඩාරගම නගරය මැද විනාශවන මහජන මුදල් (වීඩියෝ)

ඔක් 25, 2022
  • බණ්ඩාරගම - නව පොදු  වෙළෙඳ සංකීර්ණය, ‍සති‍ පොළ හා නව බස්නැවතුම්පොළ ගොඩනැගිලි විනාශ වෙමින් පවතිනවා. ඒවායින් ප්‍රයෝජන නොගැනීම මෙයට හේතුවයි.

    2004 වසරේ ඉදිකෙරුණු නව බස්නැවතුම්පොළ 2014 වසරේ දී ප්‍රතිසංස්කරණය කෙරුණා. එහෙත්, නගරය හරහා ගමන් කරන කිසිඳු බස් රථයක් ඊට ඇතුල් කරන්නේ නැහැ.  මේ හේතුවෙන් වාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

    මේ වන විට එය පෞද්ගලික වාහන ගාල් කරන නැවතුම්පොළක් ලෙස  පරිහරණයට ගැනෙනවා.

    ගොඩනැගිලි හා වෙළෙඳ සංකීර්ණය, රාත්‍රි කාලයට අඳුරේ පවතින අතර, ඒවා නීති විරෝධි කටයුතු සඳහා පරිහරණය කෙරෙනවා. මෙය සමාජීය  වශයෙන්  බරපතල තත්වයක් බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 12:49

    Latest News