බණ්ඩාරගම එළවලු වෙළෙඳපොළටත් ඉබි යතුරු

අප්‍රේ 08, 2020

    බණ්ඩාරගම එළවලු තොග වෙළෙඳපොළ අද (08) දින සිට වසා දැමීමට බණ්ඩාරවෙල මහ නගර සභාව හා පොලීසිය කටයුතු කර තිබේ.

    ඒ ඉරිදා දින ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව සෞඛ්‍යාරක්ෂිත ලෙස නොපැමිණීම, විශාල ලෙස ගොවීන් හා වෙළෙදුන් නගරයට පැමිණීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා හා වෙළෙඳුන් සමග සාකච්ජාවක් පැවැත්විණ. එම අවස්ථාවේ නගරාධිපතිවරයා හා වෙළෙදුන් අතර යම් උණුසුම් තත්වයක් හට ගැනිණු බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    නගරයට එන පිරිස අඩු කිරීමේ අරමුණෙන් නගරයෙන් පිටත ස්ථාන 6ක් වෙළදාම් කිරීමට අවස්ථාව සලසා දී තිබිණ. ඒ මේ මාසයේ ගොවීන්ගේ අස්වැන්න ඉතාම විශාල ලෙස වැඩිවීමක් සිදුව තිබූ නිසා ඒවා අලෙවි කර ගැනීමට අවස්ථාව සළසමින්.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 18:10

    Latest News