නාත්තන්ඩියේ අලි මෙහෙයුම (වීඩියෝ)

ඔක් 23, 2022
  • නාත්තන්ඩිය ප්‍රදේශයේ සැරිසරන වන අලියෙකු සහ ඇත්පැටවෙකු පළවා හැරීමට, වනජීවී නිලධාරීන් ඊයේ ක්‍රියා කළා.

    ජනතාවට මහත් පීඩාවක් ගෙන දෙමින් දින කිහිපයක් තිස්සේ නාත්තන්ඩිය ප්‍රදේශයේ සැරිසරන වන අලියෙකු සහ ඇත්පැටවෙකු පළවා හැරීමට, වනජීවී නිලධාරීන් ඊයේ ක්‍රියා කළා. එම සතුන් කිලෝමීටර 20 ක් පමණ දුරකට පළවා හැරි බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    මෙම වන අලියා සහ ඇත් පැටවා, නාත්තන්ඩිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ, පුත්තලම, තබ්බෝව රක්ෂිතයේ සිටයි. එහි සිට නාත්තන්ඩිය ප්‍රදේශයට ඇති දුර කිලෝමීටර 100 ක්. දිනකට මෙම අලි පලවාහැරිය හැක්කේ ‍කිලෝමීටර 20 ක 25 ක දුරක් පමණක් බවයි, වන ජීවී නිලධාරීන් පවසන්නේ.

    ඊයේ උදෑසන සිට සිදු කළ මෙහෙයුම අද අලුයම 2.00 ක වන තෙක් පැවති අතර, බිංගිරිය ප්‍රදේශයට වන අලි දෙදෙනා පළවා හැරීමට හැකිව තිබෙනවා. කෙසේ වෙතත්, අධික වර්ෂාව සහ ජනතාව නැරඹීමට පැමිණීම පළවා හැරීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇත.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 17:24

    Latest News