වෛද්‍යවරයෙක් මහියංගනය වැවේ ගිලී මරුට

ඔක් 15, 2022
    මහියංගනය පොලිස් වසමේ මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගනය පොලිසිය සදහන් කරයි. 
    මහියංගනය හා කරවනැල්ල රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ‍දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපකඩ වැවේ දියනාමින් සිටියදී එම අනතුර සිදුව ඇත.
    මියගොස් ඇත්තේ, 31 හැවිරිදි වෙලගාන, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි.
     
    මෘත ශරීරය මහියංගන රෝහලේ තැන්පත් කර ඇති අතර මහියංගන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

    Latest News