පළාත් කිහිපයකට මි.මි. 100 ඉක්මවූ තද වැසි...

ඔක් 12, 2022

    බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි. අනුරාධපුරය, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය යන දිස්ත්‍රික්කවලට හෙට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද හෙට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි. තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද,  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ  ඇති‍ විය හැකියි.  දිවයින වටා  වන සෙසු මුහුදු  ප්‍රදේශවලද සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී හෝ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හට ගත හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News