ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්න්නැයි, මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්...

ඔක් 12, 2022

    ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්න ලෙස  මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

    එම ඉල්ලීම ඇතුළත් ලිපිය කථානායකවරයා වෙත පසුගියදා බාර දෙනු ලැබුවා.  ජාතික සභාව පිහිටුවනු ලැබුවේ,  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකට අනුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි කාන්තා නියෝජනය වැඩි කිරීමට අදාළ යෝජනාව ඇතුළත් ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාර දුන්නා. 

    ජාතික සභාව ස්ථාපනය කිරීමේ යෝජනා සම්මතයට අනුව, මේ වන විට නියමිත සාමාජිකයන් 35 දෙනාගෙන් 28 දෙනෙකු නම් කර අවසන්.  ඒ සඳහා ඇතුළත් එකම කාන්තා නියෝජනය වන්නේ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පමණයි.  එබැවින් ජාතික සභාවේ ඉතිරි සාමාජිකයන් නම් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට වැඩි අවස්ථාවක් ‍ලබා දෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය සිය ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News