ඉන්ධන ආනයනය ගැන දයාසිරිගේ ප්‍රකාශ අසත්‍ය බව සිපෙට්කෝ කියයි

ඔක් 06, 2022

    ඉන්ධන ආනයනය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා සිදු කළ ප්‍රකාශ සහ එහිදී ගෙනහැර දැක් වූ සියලු කරුණු අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

    අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ පිළිබඳව දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද, ඛනිජ තෙල් සංස්ථාව කියා සිටිනවා.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. එහි දක්වා ඇත්තේ, ඉන්ධන ආනයනයේදී සංස්ථාව සෑම විටම ටෙන්ඩර් ක්‍රමය සහ රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින්, ප්‍රමිතිය තහවුරු කරමින් සහ අවම මිල ගණන් යටතේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර ඇති බවයි.

    එම ක්‍රියාවලිය පිළිබඳව ඕනෑම පරීක්ෂණයකදී හෝ නෛතික කටයුත්තකදී අදාළ තොරතුරු ලබාදීමට සහ එම පරීක්ෂණවලට සහය වීමට කටයුතු කරන බවද, නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සිදු කර ඇති මෙවැනිම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිවත් නෛතික පියවර ගනිමින් පවතින බවද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය නිවේදනයෙන් කියා සිටිනවා.

    Latest News