අනුරපුර වන්දනාවට සති අන්ත සුඛෝපභෝගි දුම්රියක්

ඔක් 06, 2022

    අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මේ සුඛෝපභෝගි දුම්රිය එළඹෙන 08 දා සිට ආරම්භ කෙරෙන අතර, එදින පෙරවරු 9.20ට කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

     

    ඉන් අනතුරුව 09 දා පස්වරු 5.00ට අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරන සුඛෝපභෝගි දුම්රිය එදින රාත්‍රි 10.00ට පෙර කොළඹ, කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතව තිබේ.

    Latest News