ජනපති රනිල් පිලිපීන ජනපති හමුවෙයි

සැප් 29, 2022

    ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා අතර, ද්වීපාර්ශ්වික සාකචඡා අද පැවැත්වුණා.

    ඒ, එරට මැනිලා නුවර දී.

    ජපානයේ දෙ‍දින නිල චාරිකාවක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා‍ ඊයේ පස්වරුවේ පිලිපීනයේ මැනිලා නුවරට ළඟා වුණා. එහිදී ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, අනතුරුව ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපතිසමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. මැනිලා නුවර දී අද ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි පාලක මණ්ඩල රැස්වීමට ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි. එම රැස්වීමේ මුලසුන හිමිව ඇත්තේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි.

    Latest News