ජාතික සභාවේ පළමු රැස්වීම අද

සැප් 29, 2022

    ජාතික සභාවේ ආරම්භක රැස්වීම අද (29) පැවැත්වීමට නියමිතයි.

    අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ දී එම සභාව රැස්වන අතර එහිදි ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

    රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් ජාතික සභාව පිහිටුවීමේ යෝජනාවට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

    පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විතයි.

    කථානායකවරයා සභාපතීත්වය දරණ එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභා නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු 35කට නොවැඩි සාමාජික සංඛ්‍යාවක් ඇතුළත්.

    කෙසේවෙතත් අද පැවැත්වෙන ජාතික සභාවට විපක්ෂ නායකවරයා සහභාගී ෙනාවන බවයි වාර්තා වන්ෙන්.

    Latest News