ගල්අඟුරු තොගයක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවයි

සැප් 27, 2022

    නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිව ඇති ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම ඊයේ (26) සිදුකළ බවයි Twiiter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    ගල්අඟුරු සම්පූර්ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර්ඝ කාලින ටෙන්ඩර් සහ අත්පිට මිලදී ගැනීම්වලට අදාළ ටෙන්ඩර් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

    අදාළ Twitter පණිවිඩය පහතින්,

    350dd906e2be638558e70bda8e8af34d

    Latest News