තවත් ගල් අඟුරු නැවක් දිවයිනට

ඔක් 25, 2022

    ගල්අඟුරු රැගත් නෞකාවක් අද (25) මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

    අද පස්වරුවේ එම නෞකාව මෙරටට ළඟාවීමට නියමිත බවයි, එම සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසන්නේ.

    අදාළ නෞකාවේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් පමණ පවතින බව වාර්තා වන්නේ.

    නෞකාව පැමිණීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු හෙට (26) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 11:10

    Latest News