ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක...

සැප් 25, 2022

    ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. 

    සිය දෙදින නිල සංචාරයේදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අ‍බේ මහතාගේ අවංගල්‍යය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවනු ඇති. ජනාධිපතිවරයාගේ දෙදින ජපාන නිල සංචාරයේදී  ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමග ද ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

    අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීම සඳහා එළැඹෙන 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යනු ඇති. එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොං බොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.  ජනාධිපතිතුමා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමාකර එළැඹෙන 30වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිත බවයි,  ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. 

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ,  මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේවීර සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම සංචාරයට එක්වනවා.  ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එක්වීමට නියමිතයි.  එමෙන්ම, පිලිපීන නිල සංචාරය සඳහා දිනුක් කොළඹගේ සහ රන්දුල අබේවීර යන මහත්වරුන් සහභාගී නොවනු ඇති. 

    Last modified on ඉරිදා, 25 සැප්තැම්බර් 2022 19:34

    Latest News