දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කිරීමට නව වැඩපිළිවෙලක්...

සැප් 24, 2022

    දිනෙන් දින වැඩිවන දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා දීප ව්‍යාප්තව පාසල් දරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන් දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. 

    එහි පළමු වැඩසටහන දඹුල්ල-ඉබ්බන්කටුව ජලාශයේදී ඊයේ පැවැත්වුණා.   වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ,  පොලිස් නාවික කොට්ඨාශය මගින්.  දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම, දියේ ගිලුනු අයෙකු කඩිනමින් බේරාගැනීම, අනාරක්ෂිතව දිය නෑම සඳහා ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම සිදුකෙරුණා. 

    ජලාශ ආශ්‍රිතව අනතුරු සිදුවන ආකාරය ප්‍රදර්ශනාත්මකව සිදුකෙරුණා. ඉන් ජනතාව මුදවාගන්නා ආකාරය, ජීවිත්කාරක්ෂක සහ ආපදා කළමනාකරණ නිලධාරින්ගේ සහය ලබාගන්නා ආකාරය සහ ප්‍රථමාධාර ලබාදීම දැක්වෙන සජීවී ක්‍රියාකාරකම් ද ඊට ඇතුළත් වනවා.

    මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අංශය, පොලිස් නාවික කොට්ඨාශය, දඹුල්ල ‍මූලස්ථාන පොලිසිය සහ ජීවිතාරක්ෂක ඒකකය,  මහනුවර, නුවරඑළිය, තෙල්දෙණිය සහ අනුරාධපුරය යන පොලිස් ජීවිතාරක්ෂක ඒකක ද මේ අවස්ථාවට එක්වුණා. 

    Latest News