සෞදි අරාබියේ, 92 වෙනි ජාතික දින සැමරුම් උත්සවය...

සැප් 24, 2022

    සෞදි අරාබියේ, 92 වෙනි ජාතික දින සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ, ෂැංගිලා හෝටලයේ දී පැවැත්වුවා.

    එය සංවිධාන  කළේ, සෞදි අරාබි තානාපති කාර්යාලයයි.  සෞදි අරාබි තානාපති කාර්යාල භාරකාර "අබ්දුලෙලා ඒ ඔර්කෝබි" මහතා මෙන්ම අරාබියාවේ නව තානාපතිවරයා ලෙස පත් වු "කලීඩ් හමුඩ් නසර් අල්දසාන් අල්කටානි"ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා.

    ඊට පූජකවරුන්, අමාත්‍යවරුන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරන්, තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශවල නිලධාරින් එක්ව සිටියා. දෙරටේ ජාතික ගී ගායනා කිරිමෙන් අනතුරුව උත්සවය ආරම්භ වුණා. සෞදි අරාබියේ තානාපතිවරයා මෙහිදී දෙරට ඇති ද්විපාර්ශවීය වැදගත්කම අවධාරණය කළා.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ අධිකරණ අමාත්‍ය වි‍ජේදාස රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියා.  

    Latest News