ජනතාවට නිවාස වෙතම ගොස් ඔප්පු ලබාදීමේ වැඩසටහනක්...

සැප් 24, 2022

    මොරගහකන්ද  මහවැලි කලාපයේ ජනතාවට නිවාස වෙතම ගොස් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඊයේ (24) ආරම්භ කෙරුණා.

    ඒ, මහවැලි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මතයි. වසර 20කට වැඩි කාලයක් මහවැලි ඉඩමක ජීවත් වුවත්, එම ඉඩම් සඳහා ස්ථිර ඔප්පු නොමැති ජනතාවට කඩිනමින් ඔප්පු ලබාදීම වැඩසටහනේ අරමුණයි. “මහවැලි උරුමය ඔබේ” නමින් වැඩසටහන නම්කර තිබෙනවා. මහවැලි කලාප 10ක් තුළ ඉඩම් ඔප්පු 15,000ක් බෙදාදීමට නියමිතයි.

    Latest News