උතුරු පළාතේ එළවළු මිල පහතට

සැප් 20, 2022

    උතුරු පළාතේ එළවළු මිල සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයි වෙළෙදුන් පවසනවා.  එළවළු නිෂ්පාදනය ඉහළ යාම සහ ඒවා වෙළෙඳපොලට ලැබීම මීට හේතුවයි.

    පසුගිය දිනවල වවුනියාව වෙළෙඳපොලේ එළවළු මිල ගනන් අධික ලෙස ඉහළ ගොස් තිබුණා.  එහෙත් මේ වන විට එය සැළකියයුතු ලෙස අඩු වී ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ. වමබටු, මෑ කරල්, ගෝවා, තක්කාලි, මාළු මිරිස්, අමුමිරිස්, කැකිරි, පිපිඤඤා, බීට්රූට් ඇතුළු එළවළු මිල ගණන් පෙර පැවති මිලට සාපේක්ෂව සැලකියුතු ලෙස අඩු වී තිබෙනවා.

    සෑම එළවළු වර්ගයකම කිලෝවක මිල රුපියල් 150 ට වඩා අඩු වීම විශේෂත්වයක්. වවුනියාව, මන්නාරම, මුලතිව් සහ හොරොව්පොතාන වැනි ප්‍රදේශවලින් වවුනියාව වෙළෙඳපොලට එළවළු තොග ලැබෙමින් පවතිනවා. 

    කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කිරීමෙන්  ඉහළ අස්වැන්නක් ලැබී ඇති බවයි ගොවීන් පවසන්නේ.

    Latest News