මෝටර් රථයේ ගැටුණු 77 හැවිරිදි මවක් 20m ක් ඈතට විසිවෙයි (වීඩියෝ)

සැප් 13, 2022
  • බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී අද පෙරවරුවේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි.

    අනතුරින් මිය ගියේ බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි දෙදරු මවකි.
    ඇය රැකියාවක් වශයෙන් එම ප්‍රදේශයේ නිවසක රැය පහන් කර යළි නිවස කරා පාගමනින් යමින් සිටියදී මෙම අනතුර වී ඇත.

    බණ්ඩාරගම සිට කළුතර දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පා ගමනින් එම දිසාවටම යමින් වයෝවෘද්ධ කාන්තාවගේ ශරීරයේ පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලීසිය කියයි.

    කාන්තාව මෝටර් රථයේ ගැටීමත් සමගම මීටර් 23 ක් ඈතට උඩින් විසි වී මාර්ගයේ පසෙක වැටී ඇති අතර අනතුරුව රියදුරුට මෝටර් රථය නවතා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර සිදු සිදුවූ ස්ථානයේ සිට මීටර් 70 වකට අධික දුරක් ගොස් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මෝටර් රථයේ ගැටුණු කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

    මෝටර් රථය පැදවූ 23 හැවිරිදි තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News