රසායනික පොහොර මෙන්ම, ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ලබා දීමට පියවර

සැප් 12, 2022

    රසායනික පොහොර මෙන්ම, ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර සියලුම භෝග වගාවන් සඳහා ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    වවුනියාව දිස්ත්‍රික්යේ වගා ව්‍යාපෘති කිහිපයක් නිරීක්‍ෂණයට එක් වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියා.

    ‍වවුනියාව - පාලමොටෙයි ප්‍රදේශයේ ආදර්ශ මිරිස් වගාවක පළමු අස්වැන්න නෙළීමේ අවස්ථාවට අමාත්‍යවරයා සහභාගී වුණා. ප්‍රදේශයේ ගොවීන් සමග අදහස් හුවමාරු කර ගත් අමාත්‍යවරයා, අලි වැට ඉදිකිරීම, වගා රක්ෂණ ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තම අවධානය යොමු කරන බව කියා සිටියා. අනතුරුව අමාත්‍යවරයා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡාවක ද නිරත වුණා.

    Latest News