ධිවර සංස්ථා අලෙවි සැල් ඇරඹිට පාලාත් පාලන ආයතන වෙතින් බාදා

මාර් 15, 2019

    ධිවර සංස්ථාවේ අලෙවි සැල්වලට සහ ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ශාඛා සඳහා ඇතැම් පළාත් පාලන ආයතන වෙතින් බාදා ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රගති සමාලෝචන සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව කියා සිටියේය.

    ජනතාවට සහන මිලට මාළු සැපයිමේ වගකීම ධිවර දෙපාර්තමේන්තුවට පැවරී ඇති බැවින්, ඒ සදහා සියළු නගර ආශ්‍රිතව ධිවර අලෙවි සැල් ආරම්භ සැලසුම් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. පාලත් පාලන ආයතන වලින් එල්ලවන බාධා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට දැනුවත් කර ජනතාවට සහන සැලසීමේ පියවර ගන්නා බව සදහන් ඔහු අවධානරය කළේය. මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ පටු දේශපාලන අවශ්‍යතා අනුව මෙම බාධා සිදුවන බව ඔහු සිටියේය.

    ධිවර දෙපාර්තමේන්තුවට ආදායම් ලැබෙන සියළු මාර්ග අවහිර කර එම ආදායම් මාර්ග පෞද්ගලික ව්‍යපාරිකයිනේ ග්‍රහණයට ලක්ව ඇති බවත් එය මාෆියාවක් සේ ක්‍රියාත්මක වන බවත් මෙම රැස්වීමේදී අනාවරණය විණ. උත්සව සමයට පෙර ජනතාවට සහන සැලසීම සහ ධිවර සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීම සදහා නව වෙනසක් කඩිනමින් ආරම්භ කලයුතු බව මෙහිදී අවධාරණය කරිණි .

    fisheriedilip1 px 900 19 03

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 17:48

    Latest News