සියලුම ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවි බල ගැන්වීමේ චක්‍ර ලේඛය නිකුත් වෙයි

සැප් 07, 2022

    දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවි බල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබෙනවා.

    ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    ‍මේ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා අදාල අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් වීමට නියමිතයි. රාජ්‍ය අංශය සමග පෞද්ගලික, සමූපකාර මෙන්ම, රාජ්‍ය නොවන අංශ අතර සබඳතා ශක්තිමත් කරමින් ඉදිරි වසර 2 තුළ මෙරට ආර්ථිකය තුළ පරිවර්තනයක් කිරීමට මින් සැලසුම් කර තිබෙනවා. රට තුළ ජාතික ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම පිණිස ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති ජාතික ආහාර සුරක්‍ෂිතතා කමිටු ඉලක්ක සපුරා ගැනීමට මෙම නව ප්‍රවේශය ඔස්සේ අපේක්‍ෂා කෙරෙනවා.

    Latest News