රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහතික ගැන නිවේදනයක්

සැප් 07, 2022

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහතික කර ජනතාවට නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛනවල සහතික පිටපත් මාස 6 ක කාලසීමාවකින් පසු අවලංගු නොවන බව, ‍ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.



    එම සහතික ඕනෑම කාලසීමාවක් සඳහා වලංගු වනවා. මේ පිළිබඳ අධ්‍යාපන හා විදේශ කටයුතු යන අමාත්‍යාංශ ද, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද නිල වශයෙන් දැනුවත් කර ඇති බවයි, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියා සිටින්නේ. එබැවින් පැහැදිලි සහතික පිටපතක් තිබේනම්, පිටපතක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොවන අතර, යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් සංශෝධිත නව පිටතක් ඉදිරිපත් කළ යුතු බවයි, රෙජිස්ට්‍රාර් ‍ජනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

    Latest News