‍පාන් පිටි හිඟයක අවදානමක් නැහැ - පාරිභෝගික කටයුතු අධිකාරිය

සැප් 06, 2022

    රට තුළ ප්‍රමාණවත් තරම් පාන්පිටි තොග පවතින බව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

    එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා කියා සිටින්නේ, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග පසුගියදා පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණු බවයි. ඉදිරියේදී පාන්පිටි තොග සම්බන්ධයෙන් අනවශ්‍ය බියක්  ඇති නොකර ගන්නා ලෙස ඔහු දැනුම් දෙනවා.  බේකරි නිෂ්පාදන හිමියන් සහ ආපන ශාලා හිමියන් පවසන්නේ, පාන්පිටි මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි. පාන් මිල ඉහළයාමත් සමග අලෙවි කර ගැ‍නී‍මේ නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි,  වෙළඳසැල් හිමියන් පවසනවා.

    Latest News