පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු ගෙන් පෙත්සමක්

සැප් 02, 2022

    ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතාගේ දැනුම්දීම පරිදි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ගෙන තිබෙන තීරණය බලරහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.



    මේ වග උත්තර කරුවන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මහලේකම්, මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර මන්ත්‍රීවරයා කියා සිටින්නේ තමන් රජය වෙත සහය පළ කිරීමට තීරණය කිරීමෙන් පසුව පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස පක්ෂයේ මහලේකම් වාසුදේව නානායක්කාර මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

    ඒ අනුව පොදු ජන පෙරමුණ විසින් තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට කටයුතු කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා

    සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු නොකළ බව පවසන පෙත්සම්කාර මන්ත්‍රීවරයා එය ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් පවසනවා.

    කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Latest News