රට හැර යන්න ගිය 34ක් මුහුදේදි අල්ලයි

අගෝ 30, 2022

    නීති විරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා බහුදින යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වාලච්චේන හා කුච්චවේලි මුහුදු සීමාවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    එම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සහ ළමයින් දෙදෙනෙකු ද ඇතුලත්. 

    එම සැකකරුවන් අද දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Latest News