සිසුන් පාසල්වලට කැඳවීම අත්‍යවශ්‍යම කටයුුතු සඳහා පමණයි...

අප්‍රේ 02, 2022

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අප්‍රේල් 04 වැනිදා සිට අප්‍රේල් 08 දක්වා වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යවශ්‍යම කටයුුතු සඳහා පමණක් සිසුන් කැඳවිමට විදුහල්පතිවරුන් වෙත අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    මේ වන විට උතුර, වයඹ, දකුණ සහ නැගෙනහිර යන පළාත්වල පාසල්වල සියලුම ශ්‍රේණිවලට අදාල වාර පරීක්ෂණ සහ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කටයුතු අවසන් වී තිබෙනවා. අනෙකුත් පලාත්වල ශ්‍රේණි කිහිපයක් සඳහා පමණක් අදාල සතිය තුළ වාර පරීක්ෂණ පැවැත්වීමට ඉතිරිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

    ඒ අනුව, අප්‍රේල් 04 සිට 08 දක්වා කාලසීමාව තුළ සියලුම ගුරු භවතුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය පාසල්වලට පැමිණ, මෙම වර්ෂයේ වාර පරීක්ෂණ සම්බන්ධ කටයුතු සහ මීලඟ පාසල් වර්ෂය සඳහා සැළසුම් කටයුතු සිදුකළ යුතු බව නිවේදනයේ දැක්වෙනවා.

    දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පහසුවත්, මහජන උපයෝගිතා කොමිසමට තීරණ ගැනීමේ පහසුවත්, සලකා මේ තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින්යුත් නිවේදනයේ සඳහන්.

    Last modified on සෙනසුරාදා, 02 අප්‍රේල් 2022 19:41

    Latest News