විශේෂ බස් රථයකින් සිසුන් පිරිස ගුවන් යානය වෙත රැගෙන විත් තිබේ. පිරිස දිවයිනට පැමිණියේ කටුනායක ගුවන් තොටුපොළේ නව පැමිණීමේ පර්යන්තයෙනි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද පරීක්ෂා කිරීමක්ද එහිදී සිදු කෙරිණ.පැමිණි සිසුන් 14 දෙනාගේ ශරීර තුළ කිසිදු රෝග ලක්ෂණක් දක්නට නොලැබිණ. එබැවින් ඔවුන් සිය නිවෙස් වලට පිටත් කළ බව ගුවන් තොටුපොළ අප වාර්ථාකරු සදහන් කළේය.