එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නි‍යෝජිත පිරිසක් ජනපති හමුවෙයි

අගෝ 19, 2022

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නි‍යෝජිත පිරිසක් ඊයේ ‍‍ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේ දී.

    ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

    එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය සංවර්ධන සම්බන්ධිකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මස්නෙක්යන් කාර්, මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත  හැනා සිංගර්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකරණ කාර්යාල ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පාති යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්ව සිටියා.

    ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති තරුණ සහ තිරසර සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්වරුද සාකච්ඡාවට  එක්ව සිටියා.

    Latest News