වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම අදත්

අගෝ 19, 2022

    ‍වී අලෙවි මණ්ඩලය  ඊයේ දිනය තුළ වී කිලෝ ග්‍රෑම් දෙලක්ෂ 9,600 ක් මිලදී ගෙන තිබෙනවා. යල  කන්නයේ වී අස්වනු මිලදී ගැනීම, වී අලෙවි මණ්ඩලය ඊයේ ආරම්භ කළා.

    නාඩු වී කිලෝවක් රුපියල් 120 කට හා සම්බා වි කිලෝවක් රුපියල් 125 ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කට වී අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබනවා.

    දැනට අස්වනු නෙළා අවසන් කර ඇති  දිස්ත්‍රික්ක කිහිපයක හා අස්වනු නෙළමින් පවතින දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන්ගේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55 ක් ඊයේ දිනය තුළ විවෘත කර තිබුණා.

    අම්පාර, අනුරාධපුර හා උතුර ප්‍රදේශයේ වී මිලදී ගැනීම ඊයේ සාර්ථකව සිදු කෙරුණා. අද දවසේ වී මිලදී ගැනීමට විවෘතව තබන ගබඩා ප්‍රමාණය තවදුරටත් වැඩි කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා‍.

    ගබඩා 75 ත් 100 දක්වා ප්‍රමාණයක් වී මිලදි ගැනීම සඳහා විවෘතව පවතින බවයි, වී අලෙවි මණ්ඩලය පවසන්නේ.

    අස්වනු නෙළන ප්‍රදේශ අනුව, ගබඩා විවෘතව තැබීමද ක්‍රමානුකූලව පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා. දිවයිනේ  ප්‍රදේශ ගණනාවක යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කර තිබෙනවා.

    Latest News