ධානිෂ් අලි ට ඇප

අගෝ 15, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි නැමැති සැකකරු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළා.

    ඒ අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

    සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කළ මහේස්ත්‍රාත් වරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

    ඇප මත නිදහස් වීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියම කළා.

    Latest News