හරක්කටාගේ ප්‍රධාන වෙඩික්කරු STF අත්අඩංගුවට

අගෝ 15, 2022

    සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක්කටා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ, බොරලැස්ගමුව ප්‍රදේශයේ නවාතැන්පොළකදී.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත ලැබූ තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 28 හැවිරිදි ප්‍රබෝද කුමාර හෙවත්, කදිරා ලෙස හැඳින්වෙන බවයි, විශේෂ කාර්ය බලකාය පවසන්නේ. ඔහු වැලිගම, මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හරක්කටා නමැත්තාගේ‍ කොන්ත්‍රාත්තුවක් මත කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ඔහු සූදානමින් සිට ඇති බවයි, හෙළි වී ඇත්තේ. ඔහු ඉකුත් මැයි සහ අප්‍රේල් මාසවලදී වැලිගම ප්‍රදේශයේ වෙඩි තැබීම් දෙකක් සිදු කර තිබෙනවා. සැකකරු භාවිත කරන ගල්කටස් වර්ගයේ ගිනි අවිය සඳහා යොදන ටී - 56 වර්ගයේ ජීව උණ්ඩ 4ක් හා හෙරොයින් ග්රෑම් 17 ක් ද නිලධාරීන් බාරයට ගැනුණා.

    Latest News