ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි නැමැති සැකකරු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසකට මුදල් අමාත්‍යාංශ‍යේ නිලධාරීන්  හමුවීමට බාධා කරමින් පසුගිය ජුනි 20 වැනිදා කලහකාරී අයුරින් හැසිරීමේ චෝදනා මත අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි “ධානිස් අලී” නැමැත්තා, ඩුබායි රාජ්‍යයට  පලා යාමට උත්සහ කිරීමේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙ‍ළේ  දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News