එ.ජා.ප.යට අධිකරණයෙන් නියෝගයක්

ඔක් 30, 2018

    එක්සත් ජාතික පක්ෂය විසින් අද දින පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පැවැත්වීමට පියවර ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

    කුරුදුවත්ත පොලිසියේ ඉල්ලීම සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය කර ඇත.

    පොලිසිය අධිකරණයට කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් මහජන සාමය කඩ වීමේ සිද්ධීන් ඇති විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.මහජන සාමය කඩවන සිද්ධීන්වල යෙදීම වළකන ලෙසත් අයුතු ලෙස රජයේ ආයතන වලට ඇතුල්වීම සහ දේපළවලට අලාභහානි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණ.

     

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 17:49

    Latest News