වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක10ක ජනතාව පීඩාවට

අගෝ 04, 2022

    දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ජනතාව පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව යාපනය, නුවරඑළිය, මහනුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර, කෑගල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්වලට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

    එම දිස්ත්‍රික්කවල පවුල් 3,191කට අයත් පුද්ගලයින් 12,819 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් 480කට අයත් පුද්ගලයින් 2,313 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා තබාගෙන ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News