ජනාධිපතිතුමා සහ චීන තානාපති අතර හමුවක්...

අගෝ 04, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

    ඒ, ජනාධිපති කාර්යාලයේදී. ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා, දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡාවක නිරත වුණා. එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගත වීම මෙන්ම, ‍ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට මෙරට කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා. වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කෙරෙන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැලකිය යුතු බවත්, අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක් බවද එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

    Latest News