පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

අගෝ 04, 2022

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා අද නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පැතුම් කර්නර් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විරෝධතාවක් මතුකරමින් තම සේවාදායකයාගේ ඡායාරූප පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වී ඇති නිසා එම පෙරෙට්ටුව පැවැත්වීමේ නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත්, එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යොමු කිරීමට නියෝග කළේය.

    ඒ අනුව පෙරෙට්ටුව පැවැත්වීමට නියමිතව තිබේ. 

    Latest News