09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය (සජීව විකාශය)

අගෝ 03, 2022
  • 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

    සාම්ප්‍රදායිකව පවත්වන ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි මෙවර නොපැවැත්වූ අතර, ත්‍රිවිධ හමුදාව ජනාධිපති උත්තමාචාරය පමණක් සිදු කෙරුණා.  

    උත්සවය ආරම්භ කෙරුණේ, පෙරවරු 9.45 ට පමණ.  පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ප්‍රථමයෙන් පැමිණියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි.  ඔහු පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින්.  

    අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි අතර, ඔහු පිළිගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයට පම්ප්‍රාප්ත වූ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කථානායකවරයා විසින් ජනාධිපතිතුමාව පිළිගනු ලැබුවා.  ජාතික ගීය ගායනා කිරීමෙන් අනතරුව ත්‍රිවිධ හමුදා උත්තමාරය පිරිනැමුණා.

    කථානායකවරයා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සභාගර්භයේ දොරටුව අසලට කැඳවාගෙන යනු ලැබූ අතර, එහිදී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දැරියන් ජය මංගල ගාථා සහ ආශීර්වාද ගීය ගායනා කරනු ලැබුවා.  සුළු වේලාවකට පෑදුම් කාමරය වෙත පැමිණි ජනාධිපතිතුමා, පසුව පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා.  ඒ සමග ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ මුලසුන හොබවනු ලැබූ අතර, 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ වුණා.  විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 

    Last modified on බදාදා, 03 අගෝස්තු 2022 10:41

    Latest News