තවත් ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවයි

අගෝ 03, 2022

    තවත් ඩීසල් නෞකාවක් සඳහා ඊයේ (02) දිනයේදී මුදල් ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    එහි ඉන්ධන ගොඩබෑම් කටයුතු අද (03) ආරම්භ කරන බවත් එසේම තවත් පෙට්‍රල් නෞකාවක් සහ ඩීසල් නෞකාවක් සඳහා අත්තිකාරම් ගෙවීම්ද සිදුකර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    මේ අතර, ගුවන් යානා ඉන්ධන සැපයුම් සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාව වසරක එකඟතා ගිවිසුමක් ඇති කරගෙන තිබෙන අතර එහි පළමු ඉන්ධන තොගය ලබන 12 ත් 14 ත් අතර දී දිවයිනට ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.

    diesel ship

    Latest News