කුඩු චූටිට වෙඩිතැබූ 'බුම්බා' STF අත්අඩංගුවට

මාර් 13, 2019

    මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් (ජිබුම්බා-33 හැවිරිදි) නමැති වෙඩි තැබීම් රැසකට සම්බන්ධ අපරාධකරුවෙක් විශේෂ කාර්ය බලකාය විසින් ගම්පොළ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය පෙබරවාරි මස කොටහේන පොලිස් වසමේ දී කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම, තවත් වෙඩි තැබීම් ගණනාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යකර සිටි සැකකරුවෙක් බවයි, පොලීසිය පවසන්නේ. මොහු ඩුබායි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයෙකු බවත්, කංජිපානි ඉම්රාන් විසින් භාරදෙනු ලබන මනුෂ්‍ය ඝාතන සිදු කරන ප්‍රධානතම ගෝලයා බවට ද කරුණු හෙළිව තිබේ. සැකකරු මෛත්‍රී බෝධිරාජ මාවත, මාලිගාවත්ත පදිංචිකරුවෙක් වෙයි.

    සැකකරු අද අළුයම ගම්පොල, ගම්පොලවෙ ප්‍රදේශයේ සැගව සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 09:09

    Latest News