තැපෑලත් ලෙඩ වෙයි;ගුරු විදුහල්පතිත් වර්ජනයේ (වීඩියෝ)

මාර් 13, 2019

    අද (13) මධ්‍යම රාත‍්‍රියේ සිට හෙට (14) මධ්‍යම රාත‍්‍රිය දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

    සිය වැටුප් ගැටළුවට මෙතෙක් පැහැදිලි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙ ක්‍රියාත්මක කරන බවයි, එම සංගමයේ ප‍්‍රධාන ලේකම් එච් කේ කාරියවසම් මහතා පවසන්නේ.

    මේ අතර, ගුරු හා විදුහල්පතිවරුන් අද සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත් අද දින කොළඹ දී උද්ඝෝෂණයක් හා රැළියක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

     

    Last modified on බදාදා, 13 මාර්තු 2019 19:27

    Latest News