අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට...

ජූලි 29, 2022

    ඊයේ (28) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය  සිදුකළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිසියට ලද තොරතුරක් මත ජා-ඇල පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 320 ක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ජා-ඇල පොලිසියට ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 37ක් වූ කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන ජා-ඇල පොලිසිය සිදුකරයි.

    Latest News