පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරේ...

ජූලි 29, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    අදාළ ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඊයේ (28) සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කළා.  
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සිදු කෙරෙනවා. පාර්ලිමේන්තුවේ නව සභා වාරය අගෝස්තු මස 03වන දින පෙරවරු 10.30 ට රැස් විය යුතු බව, එම ගැසට් නිවේදනයේ සඳහන්.

    Latest News