ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි

ජූලි 20, 2022

    ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබේ.

    ඒ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 134ක් ලබා ගනිමින්. සෙසු අපේක්ෂකයින් වන ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82ක් ලබාගත් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3ක්.

    මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර ප්‍රකාශිත ඡන්දවලින් 4ක් අවලංගු වී ඇති බව ද පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය. මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය. 

    Last modified on බදාදා, 20 ජූලි 2022 13:02

    Latest News