නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ, මෙම වාර්තා සහ එවැනි අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විසින් ඊයේ පැහැදිලි කිරීමක් ද කර තිබුණා.
ඒ අනුව, සෞභාග්‍ය සහ ප්‍රගතිය උදෙසා ප්රජාතන්ත්රවාදී ක්‍රම සහ වටිනාකම් ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාපිත රාමුව හරහා තම අභිලාෂයන් සාක්සාත් කර ගැනීමට ප්රයත්න දරන ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින බව ඉන්දීය රජයේ ස්ථාවරය බවයි, මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.