ජූලි 12 ජාතික ශෝක දිනයක්

ජූලි 11, 2022

    ජාපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ජූලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    එදින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

    කෙසේවුවත් එදින රජයේ නිවාඩුවක් නොවන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News