ඉන්ධන මිල දී ගැනීම - බෙදා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් ඉල්ලයි

ජූලි 04, 2022

    ‍‍‍ඉන්ධන මිලදී ගැනීම, මුදා හැරීම සහ බෙදා හැරීමේ දී  ලබා දෙන ප්‍රමුඛත්වය යනාදිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපතිවරයාට අද නියෝග කළා. එම වාර්තාව ලබන 12 වැනිදාට පෙර ලබා දිය යුතුයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. 

    ලබන 14 වැනිදා එම වාර්තාව විවෘත අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.  විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි,  මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

    Latest News