බස්නාහිර වාහන ආදායම් බලපත්‍රවලට සහනයක්

ජූනි 29, 2022

    බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ලබන ජුලි (29) වැනිදා තෙක් දඩ මුදල් අය නොකිරීමට තිීරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ එම් ජයන්ති විජේතුංග මහත්මිය පවසයි.

    ඉන්ධන ගැටඵව නිසා ජනතාවට ඒ සඳහා පැමිණීමට දුෂ්කරවීම මත මෙම තිීරණය ගෙන තිබේ.

    ඒ අනුව ජුලි මස 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සදහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත.

    බස්නාහිර පළාත් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩිවියවන www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට අවකාශය සලසා ඇතැයි ද ඇය සඳහන් කරයි.

    Last modified on බදාදා, 29 ජූනි 2022 09:34

    Latest News