නව අගමැති ධුරයට ව්‍යවස්ථානුකූලයි - ඇමති විජයදාස (වීඩියෝ)

ඔක් 30, 2018
  • මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම ව්‍යවස්ථානුකූල බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුවයි. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන හා උස්ස අධ්‍යාපන අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, ආශිර්වාද ලබා ගැනීම සඳහා ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය.

    මෙම දේශපාලන පරිවර්තනය ජනතාව සතුටින් භුක්ති විඳින බව පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් මෙහි දී ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 10:37

    Latest News