මත්තෙගොඩ බැංකු කොල්ලකරුවන් හෙළිවෙයි

ඔක් 30, 2018

    මත්තෙගොඩ මහජන බැංකු ශාඛාවේ මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

    වැටලීම සිදුකළේ ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින්. බැංකුවෙන් කොල්ලකන ලද ලක්ෂ 93කට ආසන්න මුදලක් සහ ලක්ෂ 493කට ආසන්න රන් භාණ්ඩ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවස පිටුපස වල දමා තිබිය දී පොලීසිය විසින් සොයා ගැනුණි.

    මහජන බැංකු ශාඛාවේ සී.සී.ටී.වී. කැමරාවල දත්ත ගබඩා ඒකකය (ඩී.වී.ආර්) කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබූණි.

    පළමු සැකකරුගේ ඥාති සහෝදරයෙකු මෙම දත්ත ගබඩා ඒකකය හංවැල්ල පරණ පාර ප්‍රදේශයෙන් කැලණි ගඟට දමා ඇති බවට අනාවරණය විය.

    පසුව එම සැකකරු ද අත්අඩංගුවට ගැනිණ. දත්ත ගබඩා ඒකකය සොයා ගැනීම සඳහා විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට පිටව ගොස් ඇත. ගල්කිස්ස කොට්ඨාස විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 10:37

    Latest News